නව යොවුන්වියේ දරුවන් අතර දක්නට ලැබෙන Scoliosis හෙවත් පැති කුදය ගැන දැනුවත් වෙමු.

scoliosis blog

වර්තමානයේ පාසල් දරුවන්ගේ සිට වැඩිහිටි පුද්ගලයන් දක්වා දක්නට ලැබෙන රෝගී තත්ත්වයක් ලෙස Scoliosis අර්ථ දැක්විය හැක. මෙය සරලව කිවහොත් කොඳු ඇට පෙළ සාමාන්‍ය හැඩයෙන් ඉවතට ගොස් S හෝ C ආකාරයට වක්‍රවීමකි. Scoliosis කල්තියා හඳුනාගැනීමෙන්, ඔබට සහ ඔබගේ දරුවාට අනාගතයේ ඇතිවිය හැකි ගැටළු රැසක් වළක්වාගත හැක. එම නිසා සැකයක් තිබුණොත් ප්‍රමාද නොවී වෛද්‍ය උපදෙස් සදහා යොමු වීම අත්‍යවශ්‍යයි.

මෙම තත්ත්වය,

  • ශරීරයේ සමබරතාවයට බලපායි
  • උරහිස්, උකුල් අසමාන වීමක් ඇති කරයි
  • කොන්දේ වේදනාව, හිරිවැටීම වැනි ගැටළු ඇති කරයි
  • තීව්‍ර අවස්ථාවල හුස්ම ගැනීමේ අපහසුතා ද ඇති විය හැක

විශේෂයෙන්,
වයස අවුරුදු 10–16 අතර දරුවන් අතර මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබේ.

මුල් රෝග ලක්ෂණ ලෙස,

  • අසමාන උරහිස් (වඩාත් කැපී පෙනෙන ලෙස පෙනෙන එක් උරහිස් තලයක්)
  • ඉණ හා උකුල අතර අසමාන රේඛාව (එක් උකුලක් අනෙක් එකකට වඩා ඉහළින් පිහිටයි)
  • ශරීරය එක් පැත්තකට නැඹුරැ වේ
  • පිටුපස සිට බලන විට කොඳු ඇට පෙළ වක්‍රව පෙනේ

මේ වගේ ලක්ෂණ දක්නට ලැබේ නම් එය නොසලකා නොහරින්න

වැදගත්:
මුල් අවධියේ හඳුනා ගැනීමේන් ශල්‍යකර්මයකට යොමු වීමට පෙර මෙම තත්වට පාලනය කර ගත හැක.

50°ට වැඩි අවස්ථාවන්හිදී,
සැත්කමක් මඟින් කොඳු ඇට පෙළ නිවැරදි කිරීම ද සිදු කළ හැකි අතර,
දැන් ශ්‍රී ලංකාවේද මෙම ප්‍රතිකාර ලබාගැනීමට හැකියාව ඇත.

එබැවින් රෝග ලක්ශණ පවතී නම් එය නොසලකා නොහැරිය යුතු අතර හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

Date : 2026 / 06 / 09

Author : Medisurg Admin